BREAKING NEWS
Search

විදුලි බිල අඩු කරන්න තව කල් ඉල්ලයි

64

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් තව දුරටත් දත්ත විශ්ලේෂණ කළ යුතු බවත් ඒ සඳහා තව දුරටත් කල් අවශ්‍ය බවත් එම නිලධාරියා කීය.

විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් යෝජනාවලියක් මීට මාසයකට පමණ පෙර විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ අතර එහි විදුලි ගාස්තු අඩු කිරීමේ ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන්නේ යැයි පවසමින් කොමිසම තවත් සති දෙක කාලයක් දුන්නේය.

මහජන උපයෝගිතා කොමිසම මණ්ඩලයට දුන් සති දෙකක අතිරේක කලය පසුගිය 8 වැනිදා අවසන් වූ අතර ඉන් පසුව විදුලිබල මණ්ඩලය තවත් සති දෙකක කාලයක් ඉල්ලා මෙහිදී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *