BREAKING NEWS
Search

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

155

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මත්පැන් නිෂ්පාදකයින් සඳහා පනවා ඇති බදු කාලවාරවල හිඟ මුදල් නොගෙවීම සම්බන්ධයෙන්, සුරාබදු දෙපාර්තමේන්තුව මෙම මස 30 වනදාට පෙර සියලු හිඟ මුදල් ගෙවන්නැයි අවසන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

හිඟ බදු ගෙවීමට සිටින සමාගම් සංඛ්‍යාව, 10කට ආසන්න වෙන අතර ඔවුන්, රුපියල් බිලියන 8.5ක මුදලක් ගෙවීමට ඇති බවයි, සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම කාලසීමාව තුළදී පැනනමට ඇති මුදල් කඩිනමින් නොගෙවන්නේ නම්, එම සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ.

වෙනත් පුවත්

ජනපති අනුරගේ සිල්ලර කතා කියලා වැඩක් නෑ, දුන් පොරොන්දු ඉටු කරන්න එයාට බැහැ

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු කළ නොහැකි බවත් වේදීකාවේ දුන් පොරොන්දු ආදායම අඩු කර වියදම වැඩි කරන පොරොන්දු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා.

ඔහු ‌මේ බව පැවසුවේ වත්තල පල්ලියවත්ත පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා, ” අනුර කුමාර ජනාධිපති වීමට පෙර පොරොන්දු විශාල ප්‍රමාණයක් ලබා දුන්නා. සාමන්‍යයෙන් ජනාධිපතිවන කෙනෙක් ජනතාවට ලබා දුන්න පොරොන්දු යම් ප්‍රමාණයක් ලබා දීලා මැතිවරණයකට යන්නේ. අනුර කුමාර මැතිවරණ පොරොන්දු ඉටු නොකර මැතිවරණයකට යාමට සූක්ෂම වුනා. වැට් එක අඩු කිරීම, ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් මාස හයෙන් හයට වැඩි කිරීම, ඇප නැතිව ණය දීම වැනි විශාලා පොරොන්දු රාශීයක් ජනතාවට ලබා දුන්නා. වේදීකාවේ මොනවා කතා කළත් පුටුවට ඇවිත් මොනවත් කතා කරන්නේ නැහැ. කුඩ, එළවලු, කජු ගැන කතා කරලා සමාජයට වැඩක් නැහැ. සමාජයට වැදගත් වෙන්නේ දුන් පොරොන්දු ඉටු කරන්නේ කවදද කියන එකයි. සිල්ලර කතා කියලා වැඩක් නැහැ. දුන් පොරොන්දු මේ අයට ඉටු කරන්න බැහැ. 2028 අපි ණය ගෙවන්න ඕනේ. ණය ගෙවන්න නම් හැම අවුරුද්දකම ආදායම වැඩි කරන්න ඕනේ. දෙවැනි කාරණය මේ අය දුන්න පොරොන්දු නිසා අඩුවන ආදායම ලබා ගන්නේ කොහොමද කියලා පෙන්නන්න ඕනේ. තෙවැනි කාරණය මේ අය පඩි වැඩි කරනවා, වැටුප් විෂමතා ඉවත් කරනවා කියලා කිව්වා.

එහෙනම් අලුත් ආදායම් හදන හැටි කියන්න ඕනේ. සිව්වැනි කාරණය රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනවා කියලා අපි කිව්වා. මේ අය නැහැ කිව්වා. පෞද්ගලීකරණය කලාම අලාභය අඩු වෙනවා. ඒ අය ඒක කරන්නේ නැතිනම් ඒ අලාභය පියවගන්න අලුත් ආදායම් මාර්ගයකින් උපයගන්න ඕනේ. මේ දේවල් කරන හැටි පෙන්නනන් ඕනේ. මේ අයට කිසි දෙයක් කරන්න බැහැ. රැල්ලට එන අය රැල්ලටම යනවා. සදාකාලික නැහැ. ඔන්ලයින් පනත ගේනකොට ප්‍රජාතන්ත්‍රවාදය ගැන පුදුම අමාරුවක් තිබුනේ. දැන් ඒ පනතින්ම සමාජ මාධ්‍යයේ එයාට විරුද්ධව දාපු එකකට කෙනෙක් රිමාන්ඩ් කරලා.

කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. මේ අයට රාජ්‍ය පාලනය ගැන අවබෝධයක් නැහැ. බිත්තරය අඩු වුනේ කොමිස් ගන්න එක නතර වුන නිසා කියලා ආර්ථික විශේෂඥයා කිවේ. ඉල්ලුම සැපයුම හා වෙළෙදපොළ තත්ත්වය නිසා මේ දේ වෙනවා කියලා තේරෙන්නේ නැහැ. ජන්දය දෙන්න ඕනේ දන්න අයට. කලින් ජනතා විමක්ති පෙරමුණේ හතලිස් දෙකක් ආවා. කෝ දැන් කට්ටිය. වුන දෙයක් නැහැ. ගම්පහට මොනවද කරලා තියෙන්නේ. මහජන දිනයක්වත් තියන්නේ නැහැ. ඒ නිසා ජනතාව හඳුනන පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා වැඩිදුරටත් කියා සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *