මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද ඩිෆෙන්ඩර් රථයක් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.
රථය පරික්ෂා කිරීමේදි හෙළිව ඇත්තේ එය ලියාපදිංචි කර නොමැති බවත් චැසි අංකය හා එන්ජිම් අංකයද නොමැති බවය .
ඒ අනුව අදාළ ඩිෆෙන්ඩර් රථය නීතිවිරෝධිව එකලස් කරන ලද්දක් බවට තහවුරු වී තිබේ.නීතිවිරෝධීව සකස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් එම නිවෙස් හිමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ජයශ්‍රී උයන පල්ලේකැලේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.
වෙනත් පුවත්
ආරක්ෂක ලේකම් ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ආරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටිනවා.
පසුගිය දා ආරුගම්බේ ප්‍රදේශයට එල්ල විය හැකි ප්‍රහාර සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
එමෙන්ම, විශ්වසනීය තොරතුරු ලැබී ඇති බැවින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇතුලු රටවල් කිහිපයක් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි දැනුම් දී තිබුණේ



















