රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
වෙළඳපොළේ මේ දිනවල පොල් ගෙඩියක් රුපියල් 200 දක්වා ඉහළ මිලකට අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව දැඩි අප්‍රසාදය පළකර තිබේ.
මෙලෙස හිතූ හිතූ මිල ගණන් යටතේ පොල් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනතාව රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
පොල් අධික මිලට අලෙවි කිරීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ඔවුහු කීහ.
මේ අතර අප පොල් ඉතා අඩු මිලට ලබාදෙන වැඩපිළිවෙළ ගැන පොල් වගා කිරීමේ මණ්ඩලයේ ආදර්ශ පොල් උයන් හා තවාන් සංවර්ධන කළමනාකරු වජිර තෙන්නකෝන් මහතාගෙන් විමසූවිට කියා සිටියේ අධික මිලට ජනතාවට පොල් අලෙවි කරන මාෆියාව බිඳ දැමීමට ඉතා අඩු මිලට පොල් ලබාදෙන වැඩසටහන ඉදිරි දින දෙක තුන ඇතුළත නැවත ක්‍රියාත්මක කරන බවය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


















