ප්රරදේශ දෙකක සිදුවූ රිය අනතුරු දෙකකින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (09) එම අනතුර සිදුව තිබුණේ සෙවනගල සහ පනාමුර පොලිස් වසම්වලින්ය.
සෙවනගල, දිවුල්ගස් හන්දිය මාර්ගයේ මිහිඳුපුර ප්‍රජා ශාලාව අසලදී බස් රථයක් යතුරුපැදියක පිටුපස ගැටී සිදුවු අනතුරකින් 17 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සෙවනගල දෙස සිට දිවුල්ගස් හන්දිය දෙසට ධාවනය වූ බස් රථයක් ගැමුණුපුර දෙස සිට ලක්සිරිගම දෙසට ධාවනය වූ යතුරුපැදියක පිටුපස ගැටී එම අනතුර සිදුව තිබුණි.
අනතුරින් යතුරුපැදිකරු සහ පසු පැදිකරු බරපතළ තුවාල ලබා සෙවනගල රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇත.
මේ අතර මුල්ඇඬියාවල – මලපලාව මාර්ගයේ මුල්අඬියාවල ප්‍රදේශයේදී යතුරුපැදියක් අත් ට්‍රැක්ටරයක ටේලරයේ ගැටී සිදුවූ අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, මුලඇඬියාවල, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.



















