BREAKING NEWS
Search

බාර දෙන්න කිව්වට බාර දෙන්නේ නැති ඇමති නිවසේ විදුලිය හා ජලය සැපයුම විසන්ධි කරලා

357

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ඔහු මිය යෑමට පෙර රජයෙන් ලබාදී තිබූ බංගලාව වහාම බාර දෙන ලෙස ඒ මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මියට සිහිකැඳවීම් ගණනාවක්ම කර ඇතත් නිවස භාරදීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන එම නිල නිවසේ විදුලිය හා ජලය සැපයුම විසන්ධි කළ බවද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

එම නිල නිවසට අදාල ගෙවල් කුලිය පවා ඇය තවමත් ගෙවා නැතැයි වාර්තා වෙයි.

මේ තත්ත්වය නිසා බංගලාව නිත්‍යානුකූලව බාර ගැනීම කළ නොහැකිව ඇතැයි පවසන අමාත්‍යංශ නිලධාරිහු මේ කටයුතුවලදී අමාත්‍යාංශ නිලධාරීන්ට ඇයගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන තත්වයක්ද පෙනෙන්නට ඇතැයි ප්‍රකාශ කළහ.

එම බංගලාව හැරෙන්නට හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ අනෙකුත් සියලුම බංගලා බාරදී අවසන් බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ බංගලාව ලබන 12 වැනිදා බාර දෙන බව ඒ මහතාගේ දියණිය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප නීතිඥ චමරි පෙරේරා මහත්මිය සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *