මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මැතිවරණයෙන් පසුව ලබන 18 වැනිදා නැවත පාසල් ආරම්භ වන බව ද එම අමාත්‍යංශය සඳහන් කළේය.
ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් 12 වැනිදා පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතු බවත් ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් දීමට සියලුම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරු සහ විදුහල්පතිවරු දැනුවත් කර ඇති බවත් එම අමාත්‍යංශය කීය.
මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
වෙනත් පුවත්
අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ (ඒ 09) අකුරණ නගරය සහ උකුවෙල මහනුවර මාර්ගය වත්තේගමින් ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇතිව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්යස්ථානයකයයි.
මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා පවසා සිටියේ එම මාර්ගවල ගමනාන්ත කරා යාම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.


















