BREAKING NEWS
Search

පර්යේෂණාගාරයකින් වඳුරන් 43ක් පැනයයි. පැනගිය වඳුරන් දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙස බලධාරීන් ඉල්ලයි

254

ඇමරිකාවේ දකුණු කැරොලිනා හි පර්යේෂණ මධ්‍යස්ථානයකින් පරීක්ෂණ සදහා රැගෙන ආ වඳුරන් 43 දෙනෙකු පැන ගොස් තිබෙනවා.

වෛද්‍ය පරීක්ෂණ සහ පර්යේෂණ සඳහා ප්‍රයිමේටස් බෝ කරන සමාගමක් වන Alpha Genesis හි පර්යේෂණ මධ්‍යස්තානයකිනුයි මෙලෙස ඔවුන් පැන ගොස් ඇත්තේ .

අදාළ මධ්‍යස්ථානයේ පාලකයාගේ අත්වැරදීමකින් එහි දොර විවෘතවී මෙම වඳුරන් පිරිස පළා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, එම වඳුරන් පිරිස සොයා ප්‍රදේශයේ ආරක්ෂක අංශ මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතින බව සදහන්.

කෙසේ වෙතත් ප්‍රාන්ත බලධාරීන් ප්‍රදේශවාසීන්ට උපදෙස් ලබා දී ඇත්තේ තමන්ගේ දොරජනෙල් ආරක්ෂිතව වසා තබන ලෙසයි.

එමෙන්ම, පැනගිය වඳුරන් දුටුවහොත් වහාම දැනුම් දෙන ලෙසද කැරොලිනා ප්‍රාන්තයේ ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

 

වෙනත් පුවත් 

විදේශ ප්‍රේෂණ වල 11.05%ක ඉහළ යෑමක්

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ විදේශිය අංශයේ ක්‍රියාකාරීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් කාල පරිච්ඡේදය තුළ වූ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 4345ක් ලැබී තිබෙනවා .

මෙම වසරේ අදාළ කාල පරිච්ඡේදය තුළදී එය ඇමරිකානු ඩොලර් මිලියන 4844ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ .

එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 11.05ක ඉහළ යාමක් වනවා .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *