BREAKING NEWS
Search

එලිසබෙත් රැජිනගේ වෙඩිං කේක් කෑල්ලක් ඩොලර් 2,800 කට – කමුද කේක් කෑල්ලක් ?

149

එලිසබෙත් රැජිනගේ සහ පිලිප් කුමරුගේ විවාහ මංගල උත්සවයේ වෙඩිං කේක් කෑල්ලක් පවුම් 2,200 , එනම් ඩොලර් 2,800 කට අලෙවි වී තිබෙනවා.

එය වසර 77ක් පැරණි බවත් සඳහන්.

මෙම වෙන්දේසිය මෙහෙය වූ රීමන් ඩැන්සි වෙන්දේසි ආයතනය පවසන්නේ මෙය ඉතා දුර්ලභ අවස්ථාවක් බවයි.

එය තවදුරටත් ආහාරයට ගත නොහැකි අතර 1947 නොවැම්බර් 20 වන දින මංගල දිනයේ සිට දශක අටකට ආසන්න කාලයක් පැවති එකක් බව සඳහන්.

Monara

Monara

එවකට එලිසබෙත් කුමරියකගේ රිදී ලාංඡනය සහ එහි ඇතුළත සවිස්තරාත්මක ඩොයිලියක් සහිතව එය කුඩා පෙට්ටියක පිළිවෙළකට අසුරා තිබෙන බව දැක ගත හැකියි.

මෙම කේක පෙට්ටිය බකිංහැම් මාලිගයේ සිට ස්කොට්ලන්තයේ එඩින්බරෝ හි හොලිරූඩ් හවුස් හි ගෘහ සේවිකාව වන මැරියන් පොල්සන් වෙත රාජකීය යුවළගෙන් තෑග්ගක් ලෙස යවන ලැබූ එකක් වන අතර, ඒ හා සමග රැජින ඇයට යැවූ ලිපියක්ද හමුව තිබෙනවා.

Monara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *