BREAKING NEWS
Search

පාසල් කටයුතුවලදී වට්සැප් භාවිතය ගැන ගත් තීරණය මෙන්න – උපදෙස් මාලාවක් ඇතුලත් චක්‍රලේඛනය මෙන්න

207

පාසල් අධ්‍යයන කටයුතු සහ සන්නිවේදනය සදහා සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතය හේතුවෙන් සිදුවන අහිතකර බලපෑම් පිළිබද අවධානය යොමු කරමින් ඊට අදාළ උපදෙස් මාලාවක් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උපදෙස් ලබා දී ඇත්තේ විෂය නිර්දේශ ආවරණය සදහා සන්නිවේදන සමූහ භාවිතයෙන් වැළකිය යුතු බවයි.

සිසුන් විසින් නිවසේදී කළ යුතු අභ්‍යාස සහ පැවරුම් පාසල තුළදී පැහැදිලි කළ යුතු අතර, ඒ සදහා සන්නිවේදන යෙදවුම් භාවිතයට නොගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය තරයේ අවධාරණය කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *