BREAKING NEWS
Search

නොසැලකිලිමත්කම නිසා දෙදෙනෙක් ජිවිතයෙන් වන්දි ගෙවයි

228
මේ අවාසනාවන්ත පුවත ආරංචි වෙන්නේ කොස්ගම ප්‍රදේශයෙන් …

පසුගියදා හැමෝම එක්ක වාහනේ යන්න පිටත්වෙද්දී , ඒ ගමන ගිය අය , එයාලගෙන් දෙන්නෙක් ආපහු කවදාවත් එන්නේ නැති ගමනක් යයි කියලා මොහොතකටවත් හිතන්න නැතුව ඇති.

කොස්ගම, ඇස්වත්ත මානකඩ මාර්ගයේ රබුකේවත්ත අතුරු මාර්ගයේ තුම්මෝදර ඇලෙන් එගොඩවීමට ගිය කැබ් රථයක් ඇලේ තිබූ සැඩ පහර හේතුවෙන් ගසාගෙන ගොස් තිබෙනවා..

කැබ් රථය මීටර් 50ක් පමණ ගසාගෙන ගොස් ඇති අතර, සිද්ධිය වූ අවස්ථාවේ රියදුරු ඇතුළු පුද්ගලයන් 04 දෙනෙකු ගමන් කර ඇති අතර, දියේ ගිලීමෙන් කැබ් රථයේ රියදුරු සහ හිමිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ..

මියගිය අය අවුරුදු 27 හා 69 වයස්වල පසු වූ බලල්කොටුව හා කිරිබත්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්..

නොසැලකිලිමත්කම නිසා වටිනා ජිවිත දෙකක් ආකාලයේ ජිවිතයෙන් සමුගත්තා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *