ප්‍රසිද්ධ යූටියුබ් තරුවක් අනතුරකින් ජීවිතක්ෂයට

5469

නවසීලන්තයේ කුවීන්ස් නාසාඑක්ස්ප්‍රස් මාර්ගයේ සිදු වූ මෝටර් රථ අනතුරකින් ජනප්‍රිය යූ ටියුබ් ක්‍රියාකරුවෙකු වන 25 හැවිරිදි ආන්ද්‍රේ බීඩල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු සිය BMW 2023 වර්ගයේ මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර එය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ මෝටර් රථය මාර්ගයේ දකුණු පැත්තට හැරී මාර්ගයෙන් ඉවතට ගොස් ලෝහ කණුවකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද සඳහන්.

ඔහුව කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණද අනතුර සිදු වූ ස්ථානයේදීම ඔහු මිය ගොස් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *