ඒත් මේ තරම් දෛවය අපට හරස් වෙන වෙලාවක්.. ඔහු මේ දුක කොහොම නම් දරාගන්නවා ඇතිද..?
උපාධියක්.. ඒ හීනය සැබෑ වෙන දවස.. ඒකේ සතුට තේරෙන්නේ ඒ හීනෙට ආස කරපු, ඒ හීනෙට ලෝබ කරපු කෙනෙක්ට විතරමයි.. දිල්ෂාන් ප්‍රේමරත්න.. ඒ හීනයට ආස කරපු තවත් එක් තරුණයෙක්..
ඔහු කලාවට ගොඩක් ළැදි කෙනෙක්.. ඒ විතරක් නෙවෙයි, දිල්ෂාන්ගේ උපාධි සිහිනය වෙනුවෙන් හීන දැක්ක තවත් මහා වෘක්ෂයක් ඔහුගේ පිටුපස සිටියා.. ඒ ඔහුගේ ආදරණීය අම්මා.. ඇය කලක පටන් දුටු සිහිනය සැබෑවෙන දවසකට දින ගණනක් ඉතුරුව තිබියදී බොහෝ දෙනෙක් දැක්ක හීනවල සතුට සැනසුම සොරා ගෙන ඔහුගේ අම්මා සියල්ලන්ගෙන් මිදී නොපෙනන දුරකට නික්ම ගිහින්..
ඉතින් මේ දුක ඔවුන් කොහොම නම් දරාගන්නද..? අම්මා උපාධි උත්සවයට එන්න ලස්සන සාරියකුත් අරගෙන.. අනේ ඒත්, ඇයට ඒ අවස්ථාව ගිහිලී යන්නේ දෛවයේ සරදමක් ලෙසයි..
ඒ කතාව පිටුපස අනික් උපාධිධාරීන්ට ලැබුණ සතුට ඔහුට අහිමි වුණත්, තම මවගේ නිසල සිරුර අසල පැමිණි මේ පුතු ඔහුගේ උපාධි පළඳානා සියල්ල ඇගේ නිසල සිරුර අසලින් තබා ඇයට වැද ආශිර්වාද ලබාගත් සංවේදී මොහොත මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.. ඒ විතරක් නෙවෙයි, මේ වගේ මොහොතක වුණත් දිල්ෂාන්ට ශක්තියක් වෙන්න තවත් පිරිසක් ඔහු වටා එක්වෙලා… ශක්තිමත් පවුලක්, මේ මොහොතේ සිදුවන සියල්ල දරාගන්න ඔහුට සවියක් වේවි..
අම්මාගේ හීනය සැබෑ කරගන්න ඔහු ආ ගමන මොන තරම් දුශ්කර ඇතිද..? ඒත් කොහේ කොතැනක හිටියත් ඔහුගේ සාර්ථකත්වය පිටුපස ඇය සවියක්ව සිටීවි.. මේ ඒ සංවේදී අවස්ථාව ගැන සමාජමාධ්‍යයේ පළවූ සටහනක්..
































