BREAKING NEWS
Search

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ.පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක් – අධ්‍යාපනයේ සිදුවෙන්න යන දැවැන්ත වෙනස මෙන්න

571

පෙර පාසල් අධ්‍යාපනය තම ආණ්ඩුවක් යටතේ සෘජුවම අධ්‍යාපන අමාත්‍යංශයට එක් කිරීමට යෝජනා කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

එමෙන්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අද ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මෙරට ඇතිකර තිබෙන හොඳ පාසල් සහ හොඳ නැති පාසල්, ජනප්‍රිය පාසල් හා ජනප්‍රිය නොවන පාසල් ආදී පාසල් අතර බෙදීම් බවත්, ඒ අනුව පාසල් අතර ඇති විෂමතාවය ඉවත් කළ යුතු බවද ඒ සඳහා කළ යුත්තේ රජය අධ්‍යාපනයට සිදුකරන ආයෝජනය ඉහළ නැංවීම බවත් ඇය අවධාරණය කරනවා.

වයස අවුරුදු තුන පහ අතර කාලය යනු දරුවන්ට අකුරු උගැන්වීමට, ගණන් ඉගැන්වීමට හෝ ලියන්න කියන්න උගන්වන කාලයක් නොවන බවත් විභාග වලට සූදානම් කරන කාලයක් නොවන බවද ඇය පෙන්වා දෙන අතර තම පාලනය යටතේ බලාපොරොත්තු වන අධ්‍යයන අධ්‍යාපන ක්‍රමය තුළ අට ශ්‍රේණිය වෙනතුරු තරගකාරී විභාග පැවැත්වීමට බලාපොරොත්තුවක් නොමැති බව ද ඇය ප්‍රකාශ කරනවා.

ඇය මේ බව කියා සිටියේ, මහනුවර ප්‍රදේශයේදී ජාතික ජන බලවේගයේ පෙරපාසල් ගුරු හමුවක් අමතමින්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *