BREAKING NEWS
Search

පාසල් කීපයකට අද සිට 18 දක්වා එකදිගට නිවාඩු

1029

2024 මහමැතිවරණ රාජකාරි සඳහා යොදා ගන්නා බදුල්ලේ තෝරාගත් පාසල් කීපයකට අද (08) සිට නිවාඩු ලබා දුන් බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැනුම්දෙනු ලබනවා.

ඒ අනුව එහි ලේකම්වරයා කියා සිටියේ, පළාතේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා සෙසු පාසල් සියල්ල සඳහා 13 වන බදාදා දින සිට නිවාඩු ලබා දෙන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි නිකුත් කිරීම මෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තෝරාගෙන ඇති බදුල්ල ධර්මදූත විදුහල සඳහා ඊයේ (07) සිට නිවාඩු ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ඡන්ද පෙට්ටි නිකුත් කරන, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගත් බදුල්ල මධ්‍යම මහවිදුහල සහ තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස තෝරාගෙන ඇති බදුල්ල විශාඛා උසස් බාලිකා විදුහලට අද (08) සිට නිවාඩු ලබාදී ඇති බවයි අප වාර්තාකරුවක් අවධාරණය කළේ.

මීට අමතරව පාර්ලිමේන්තු මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පැමිණෙන පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් සහ රියදුරන්ට නවාතැන් පහසුකම් සලසා දීම සඳහා බදුල්ල විහාරමහාදේවි බාළිකා විදුහල සහ බදුල්ල සරස්වති මහ විදුහල ද තෝරාගෙන තිබේ.

ඒ අනුව එම පාසල් සඳහා 12 වැනිදා සිට නිවාඩු ලබා දෙනු ඇති බවයි පැවසෙන්නේ.

මැතිවරණ රාජකාරි සඳහා පැමිණෙන කාන්තා පොලිස් නිලධාරින් සඳහා බදුල්ල දෙමළ බාළිකා විදුහල තෝරාගෙන ඇති එම එහි සිසුවියන්ට ලබන 13 වන බදාදා සිට නිවාඩු ලබා දෙන බව සඳහන් වනවා.
 

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා කියාසිටියේ, මහමැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන ලෙස තෝරා ගත් පළාතේ පාසල් සඳහා ලබන 13 වන බදාදා දින නිවාඩු ලබා දෙන බවයි.

මෙම පාසල් සියල්ල ලබන 18 වන සදුදා දින සියලුම පාසල් යළි සාමාන්‍ය පිරිදි ආරම්භ වීමට නියමිතව ඇත.

මේ අතර මහමැතිවරණය හේතුවෙන් දිවයිනේ ඇති සියලු පාසල් සඳහා ලබන 13 වැනිදා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණ තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *