BREAKING NEWS
Search

ඡන්දෙට පාසල් නිවාඩු දෙන්නේ මෙහෙමයි

565

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් නැවත ආරම්භය නොවැම්බර් 18 වනදා සිදුකෙරෙන බවය.

ඒ අතර

2024  පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කාලය අදින් (08) අවසන් වෙයි.

පසුගිය මස 30, නොවැම්බර් මස 01 හා 04 යන දිනයන් හිදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් සඳහා ඡන්දය සලකුණු කිරීමට විශේෂ දින දෙකක් ලෙස ඊයේ සහ අද අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේදී තැපැල් ඡන්ද මෙතෙක් සලකුණු නොකළ ඡන්ද දායකයින්ට අද දිනය තුළ ද ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව පවතින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *