BREAKING NEWS
Search

පොහොර සල්ලි සූදුපොළට පුදපු බලන්ගොඩ අපූරු ගොවි මහතා

182

මෙය බලංගොඩ ප්‍රදේශයේ සිදුවු අපුරු සිදුවීමකි.

හෙතෙම ගොවි මහතෙකි. කුඹුරු ගොවිතැන මෙන්ම ගොඩ ගොවි තැනද කර ගෙන ගියේය. දිනක් සිය බිරිඳට පැවැසුවේ කුඹුරට පොහොර දැමිය යුතු බවයි. එහෙත් තමන් අත ඊට අවශ්‍ය මුදල් නොමැති බව ඔහු සඳහන් කළේය.

මගේ ළඟ රුපියල් 500ක් ඇති. ඒක දෙන්නම් කුඹුරට පොහොර ටික දාන්න ටවුමට ගිහින් පොහොර අරගෙන එන්න මම දවල් වෙනකොට තේ ටිකක් අරගෙන එන්නම් සිය බිරිඳ ළෙන්ගතුව කීවාය.

ඔහු පොහොර රැගෙන ඒමට හිස් පොහොර උරයක් රැගෙන නිවසින් පිටවිය. නගරයට යා යුත්තේ වතු කම්කරුවන් ජීවත් වන නිවාස පේළියක් හරහාය. එම නිවාස ඉදිරිපිට කොල්ලෝ කුරුට්ටෝ එක් වී බූරුවා ගසමින් සිටියහ. පොඩි ඔට්ටුවක් දාල බලන්න ඕනි ඔහු තනිවම සිතුවේය.

ඒ අනුව රුපියල් 100 ක ඔට්ටුවක් ඇල්ලු‍වේය. ඒ ඔට්ටුව ඔහුගේ වාසියට හැරිණි. දැන් අතේ රුපියල් 600.00 කි. මේ සැරේ 500 ක් අල්ලන්න ඕනි. ඒ ඔට්ටුව ඔහුගේ අවාසියට හේතු විය. දැන් අතේ ඇත්තේ රුපියල් 100 කි. ඕන එකක් මේකත් අල්ලනවා ඒ අනුව එම රුපියල් 100 ද ඇල්ලු‍වේය. එයද ඔහුගේ අවාසියට හේතු විය.

පොහොර රැගෙන ඒමට ගෙන ආ මුදල් සියල්ලම බූරුවා ගසා පරාද විය.දැන් ගෙදර උන්දෑ කුඹුරට තේ අරගෙන ඇවිල්ලත් ඇති ඔහුගේ ඉහමොළ රත්විය.කමක් නැහැ කුඹුරට ගිහින් බලමු. අම්මෝ මගේ වාසනාව ගෙදර උන්දෑ තවම ඇවිල්ල නැහැ.ඊට ටික වෙලාවකට පසු සිය බිරිඳ තේ රැගෙන කුඹුරට පැමිණියාය.

ඔහු වහාම හිස් පොහොර උරය වතුර ඇළේ එබුවේය. පොහොර දාල ඉවරද? බිරිඳ ඇසුවාය. ඔව් මේ කවරෙ හෝදනවා යූරියා නිසා කුඹුරට දාපු ගමන් දිය වෙනවා ඔහු කීවේය.එහෙනම් තේ බොමු. ඒ අනුව සිය බිරිඳ රැගෙන ආ රොටි සහ කහට තේ පොල් කටුවකට දමා ඔහු බිමට පටන් ගත්තේය.

බලන්න ඔයා හරියට මහන්සි වෙනවා කියමින් සිය බිරිඳ තම ස්වාමියාගේ හිස අතගෑවේය.ඔහු කිසිවක් නොකියා රොටියම ගිල දැමුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *