BREAKING NEWS
Search

හිටපු මන්ත්‍රී කෙනෙක්ගේ අනතුරට ලක් වූ ඩිෆෙන්ඩර් රථයෙන් හමු වූ දේ මෙන්න – ප්‍රදේශවාසින්ගෙන් දැඩි විරෝධයක්

544

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ දංගහාමුල්ල ප්‍රදේශයේදී ඊයේ (25) පස්වරුවේදී සිදුවූ අනතුරකින් හිටපු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

හිටපු අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ ගමන් කළ රියට පිටුපසින් ගමන් කරමින් තිබූ ලෑන්ඩ්රෝවර් ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක් ත්‍රීරෝද රථයකට ඉස්සර කර යෑමේදී පැමිණි වේගයත් සමඟ පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් මාර්ගයේ පසෙකට ධාවනය වී අසල ඇති බස් නැවතුම්පොළක ගැටීමෙන් බරපතළ හානී සිදුව අනතුරට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේට අයත් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු වාරියපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරින් බස් නැවතුම්පොලට හානි වීමත් සමග ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්ව හිටපු මන්ත්‍රී දැඩි විරෝධයක් දැඩි විරෝධයක් පළකර තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයාගේ රථය තුළ ගිනි අවි පවතින බවට පසුව එම ප්‍රදේශවාසීන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

වාරියපොල පොලිස් ස්ථානයේදී එම රථය පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව රිපීටර් වර්ගයේ ගිනි අවි දෙකක් සහ පිස්තෝලයක් සොයාගත් බවත් ඒවායේ බලපත්‍ර ලබන (31) වනදා දක්වා වලංගු බැවින් ඩිෆෙන්ඩර් රථය සහ ගිනිඅවි මුදා හැරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *