අද සහ හෙට වෙන්න යන දේ මෙන්න

160

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයත් සමග ඇතිවු ගංවතුර තත්ත්වය හේතුවෙන් ඩෙංගු මදුරුවන්ගේ බෝවීම අවම කිරීම සදහා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් මෙය ක්‍රියාත්මක බවය.

එහි අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා පැවසුවේ ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කයන් තුළ මෙම වැඩසටහන් ඊයේ අද සහ හෙට දිනයන් තුළ ක්‍රියාත්මක බවය.

එමෙන්ම මේ වසරේ මුල් මාස තුන තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කළ බවද ඔහු පැවසුවේය.

වෙනත් පුවත්

ඇල්පිටියේ ඡන්දය ඇරඹෙයි

සභිකයන් 29 දෙනෙකු තෝරාපත්කර ගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරගවදින ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීම අද (26) පෙ.ව. 7.00ට ආරම්භ විය.

ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්ද දායකයින් 55,643 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියි.

පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා කාලය තුළ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ .එල් රත්නායක මහතා සඳහන් කළේය.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය භාවිතා කරනු ලබන ස්ථාන සියල්ලෙහිම නිරික්ෂණ කටයුතු සදහා තම නිලධාරින් යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද සිදුකිරීමට නියමිත අතර, තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් මස 30 වනදා සහ නොවැම්බර් මස 4 වනදා සිදුකිරීමට නියමිතව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *