BREAKING NEWS
Search

ශීතකරණයෙන් ආ මාරයා සිගිත්තා බිලිගනී

930

නිවසේ කෑම කාමරයේ තිබූ ශීතකරණයේ පහළ කොටසට අත දැමූ අවස්ථාවේ විදුලිසැර වැදුණු හය හැවිරිදි දරුවෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී  අද (25) පස්වරුවේ  මිය ගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ   අලවල, වේයන්ගොඩ ලිපිනයේ පදිංචි ව සිටි අලවල ප්‍රාථමික විදුහලේ 1 වසරේ ඉගෙනුම ලැබු වයස අවු 06 වන ජයකොඩි මොහොට්ටි අප්පුහාමිලාගේ තේජාන් දිනුවර නැමැති දරුවෙකි

මෙම දරුවා නිවස ඇතුලත සෙල්ලම් කරමින් සිට ඇති බවත් නිවසේ කෑම කාමරය තුල තිබු ශීතකරණයේ පහල කොටස තුලට අත දැමීමේදී විදුලි සැර වැදී බිම වැටී සිටිනු දුටු දරුවාගේ පියා වහාම දරුවා වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුලත් කර ඇතත් ඒ වන විටත් දරුවා මියගොස් ඇති බව හෙළි වී ඇත.

සිද්ධිය පිළිබඳව අත්තනගල්ල පොලිස් ස්ථානයේ උ.පො.ප අමරසේකර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වීමේ යෙදී සිටින අතර දරුවාගේ මරණයට සම්බන්ධ මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ  පරීක්ෂණය අද 26 වතුපිටිවල රෝහලේ දී පැවැත්වීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *