BREAKING NEWS
Search

ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව තර කරයි

188

දඹුල්ල නගරයේ සහ දඹුල්ල අවට සංචාරකයින් ගැවසෙන ස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

අද අළුයම සිට එම වැඩපිලිවෙල ක්‍රියාත්මක කළ බවයි මාතලේ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහණ ගමගේ කියා සිටියේ.

ඒ, අනුව දඹුල්ල රජමහාවිහාරය, දඹුල්ල උයන්වත්ත රජමහාවිහාරය මෙන්ම ඇරෑවුල, ඉනාමලුව, දඹුල්ල ආදී සංචාරක හෝටල් පවතින ප්‍රදේශවලයි මෙලෙස ආරක්ෂාව තර කර ඇත.

මහනුවර ප්‍රදේශයේ සංචාරක හෝටල්වලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කර ඇති බව ආරංචි මාර්ග පවසනවා.

එම හෝටල්වල ඊශ්‍රායල ජාතික සංරකයන් නැවතී සිටිම හේතුවෙන්.

මහනුවර පොලිස් කොට්ඨාසයේත් ඇති සංචාරක හෝටල්වල සිටින විදේශීය සංචාරකයන් සම්බන්ධයෙන් දෛනික වාර්තා ලබාගැනීමටද කටයුතු කරන බව සඳහන්.

මහනුවර පොලිස් බල ප‍්‍රදේශයේ හෝටල් ආශ්‍රිතව විශේෂ මූර සංචාර වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *