BREAKING NEWS
Search

දියර වර්ගයක් නිසා සිසුන් 17ක් රෝහලට

130

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බලන්ගොඩ   නගරයේ  ඇති පාසලක  දරුවන් පිරිසක් අද (25) වැනි දා  පාසලේ    වැසිකිළි  පිරිසිදු  කිරීමෙන්  පසු  ඇති වූ  රෝගි  තත්ත්වයත්  හේතුවෙන්  දරුවන්  දාහත්දෙනෙකු බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර  ඇතැයි  පොලිසිය පවසයි.

එම දරුවන් විසින්  රසායනික  දියර වර්ගයක්  භාවිතා කර මෙලෙස  වැසිකිළි පිරිසිදු කර  ඇති  අතර  එහිදී  ක්ලාන්තය  ආසාදනය  වීම  හේතුවෙන්  මෙලෙස  රෝහල් ගත කර  ඇත. මේ වන  විට  එම  දරුවන්  වෙත  ප්‍රතිකාර ලබා දෙමින් ඇති බව  බලංගොඩ  රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.

වෙනත් පුවත්

මඩකලපුව අධිකරණයේ බෝම්බ බියක්

මඩකලපුව අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යන බවට ඊයේ (24) රාත්‍රියේ ලැබුණු දුරකථන ඇමතුමක් මත ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක විධිවිධාන යොදා ඇතැයි පොලීසිය කියයි.

සිද්ධිය වූ දින රාත්‍රියේ අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට දුරකථන ඇමතුමක් ලැබීමෙන් පසු ඔහු වහාම මේ පිළිබදව  පොලිසියට දන්වා ඇතැයි කියයි.

ඉන් අනතුරුව අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රයට දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇති අතර ප්‍රදේශයේ විශේෂ පොලිස් මුර සංචාරවල නිරත වන අතර විමර්ශන නිලධාරීන් ද නිරීක්ෂණ කටයුතුවල නිරත වන අතර විශේෂ කාර්ය බලකාය මෙම ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *