BREAKING NEWS
Search

පමුණුගම පොලීසිය රත් වෙයි

209

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පොලිස් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසින් පිරිසක් ඊයේ (24) පස්වරුවේ පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත විය.

අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් පොලිස් ස්ථානය අසල උණුසුම් තත්ත්වයක් ඇතිවූ බවය.

බෝපිටිය පමුණුගම පොලීසිය ඉදිරිපිටට පැමිණි ගම්වාසීන් පිරිසක් ඊයේ පස්වරුවේ මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ, අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින්.

පසුගිය ඉරිදා දින බෝපිටිය පමුණුගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රන්මාලයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අදාළ තරුණයින් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ තරුණයින් දෙදෙනා සේවය කරමින් සිටි සීදුව පිහිටි සේවා ස්ථානයේදීය.

ඔවුන් පමුණුගම සහ සෙත්තප්පාඩුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 20, 24 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි.

කෙසේවෙතත් මව්පියන් ඇතුළු ගම්වාසීන් චෝදනා කරන්නේ රන්මාල සොරකමකට සම්බන්ධ නොවන මෙම තරුණයින් දෙදෙනා අත්අංඩගුවට ගෙන පොලීසිය ඔවුන්ට අමානුෂික ලෙස පහරදී ඇති බවටය.

පසුව දුංගල්පිටිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ  මැදිහත්වීමෙන් පහරකෑමට ලක්වී ඇති තරුණයින් දෙදෙනා රාගම ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන බවට දුංගල්පිටිය පොලිස් ස්ථානාධිපති ලබාදුන් පොරොන්දුවත් සමග පිරිස විසිරගොස් තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *