BREAKING NEWS
Search

ජනපති මැදුරට කුණු දාලා

288

උතුරු කොරියාවෙන් ආ කසල බැලූනයක්, දකුණු කොරියානු ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බව, දකුණු කොරියානු ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බැලූනය රැගෙන ආ අපද්‍රව්‍ය අතරේ, කිසිදු අහිතකර දෙයක් නොතිබුණු බව ද දකුණු කොරියානු ජනාධිපති ආරක්ෂක අංශය එම කසල පරීක්ෂා කිරීමෙන් පසු පැවැසීය.

උතුරු කොරියාව, එරට කසල මලුවල පුරවා, බැලූන ආධාරයෙන්, දේශසීමා හරහා, දකුණු කොරියාව දෙසට පාවීමට සැලැස්වීම සිදු කරන්නේ පසුගිය මැයි මාසයේ සිටය.

දකුණු කොරියානු ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ඊට පිවිසෙන එවැනි බැලූනවලට දකුණු කොරියාව වෙඩි තැබීම ද සිදු කරයි.

කෙසේ නමුත් රේඩාර්වලට ද හසු නොවී, මෙම නවතම කසල බැලූනය සෝල් අගනුවර දක්වා පාවී ආ බවත් එය, යොංග්සැන් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බවත් දකුණු කොරියානු ආරක්ෂක අංශ පැහැදිලි කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *