BREAKING NEWS
Search

සිප වැලඳගෙන ගැනීම් මිනිත්තු 3 කට සීමා කෙරේ

199

ගුවන් මගීන්ට, පිටවී යෑමට පෙර ඔවුන්ගේ ආදරණීයයන් සිප වැලඳ ගෙන සමුදීමට ලබා දෙන කාලය මිනිත්තු 3 ක් පමණක් බව නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළමනාකාරීත්වය පවසයි.

ගුවන් මගීන් පිටවී යද්දී තම ආදරණීයයන් සිප වැලඳ ගනිමින්, ඔවුන්ට සමු දීමට වැඩි කාලයක් ගත කරන බවත්, එය ගුවන් තොටුපොල කටයුතුවලටත්, ගුවන් ගමන්වලටත් බාධාවක් වී ඇති බවත් පෙන්වා දෙමින් ඩුනෙඩින් ගුවන්තොටුපොළ කළමනාකාරීත්වය මෙසේ පවසා ඇත.

වැඩි කාලයක් ලෙස සමුදීමට අවශ්‍ය නම්, එම සමුදීම් ගුවන්තොටුපොල රථගාලේ සිදු කරන්නැයි ද ගුවන්තොටුපොල කළමනාකාරීත්වය, ගුවන් තොටුපොලට පැමිණෙන ගුවන් මගීන්ට පැහැදිලි කර ඇත.

වෙනත් පුවත්

ආණ්ඩුකාරවරයා කළ පත්වීම ඔහුම රිවස් කරයි

මධ්‍යම පලාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ධූරයට මධ්‍යම පළත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා  පසුගිය 20 වැනි දින පත්කරන  ඒ. ජී. මුදියන්සේ මහතා ජාතික ජන බලවේගය පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයකු බැවින් ,ආණ්ඩුකාර වරයාම එම පත්වීම අවලංගු කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ට්‍රාන්ස්පේරන්සි ආයතනය  මෙම පත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසම වෙත කරන ලද පැමිණිල්ලකින් එම පත්වීම  අත්හිටුවන ලදි .

මධ්‍යම පලාත් පුස්තකාල මණ්ඩලයේ සභාපති ධූරය සඳහා ආණ්ඩුකාරවරයා  පත් කරන ලද ඒ. ජී. මුදියන්සේ මහතා මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු බව ආණ්ඩුකාර කාර්යාලය නොදැන සිටි නිසා මෙම පත්වීම සිදුකරන ලද බවද වාර්තා විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *