BREAKING NEWS
Search

සරසවි බිම හඬවමින් නික්ම ගිය සැන්ඩාගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ

1459

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක සිව්වැනි මහලින් ඊයේ (23දා) අලුයම සිසුවකු ඇදවැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි කැලණිය පොලිසිය පවසයි.

බිමට වැටුණු සිසුවා ඒ මොහොතේම නේවාසිකාගාරයේ සිටි සහෝදර සිසුන් විසින් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති 24 හැවිරිදි සිසුවෙකි. ඔහු මහියංගනය, රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචි අයකි.

මෙම සිසුවා විශ්වවිද්‍යාලයේ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමර අංක 416 සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

මියගිය සිසුවා ඇතුළු සිසුන් රාත්‍රියේ උපන්දින සාදයක් පවත්වා ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි. පසුව රාත්‍රි ඇඳේ නිදාගෙන සිට ඇති මම සිසුවා නින්දෙන් අවදිව මුත්‍රා කිරීමට යෑමේදී එම නේවාසිකාගාර කාමරයේ ජනේලයෙන් ඇදවැටී මියයන්නට ඇතැයි සැකකරන බව ද පොලිසිය පවසයි.

ඔහු බිමට ඇදගෙන වැටෙන ශබ්දය තමන්ට ඇසුණු බවත්, පසුව පහළට ගොස් බැලීමේදී ඔහු ලේ ගලන තුවාල සහිතව බිම වැටී සිටි බවත් නේවාසිකාගාරයේ සිසුන් පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මියගිය සිසුවාගේ දේහය කිරිබත්ගොඩ රෝහලින් රාගම ශික්ෂණ රෝහලට රැගෙන යෑමට නියමිතව ඇති බවත්, මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් පසු දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට රාගම රෝහලට රැගෙන යන බවත් උසස් පොලිස් නිලධාරියෙක් “දිවයින”ට පැවැසීය.

කැලණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.කේ. දේවප්‍රිය මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත් මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

සරසවි අධ්‍යාපනය හදාරන අතරතුර ප්‍රින්ස් සිසුවා උසස් පෙළ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය සඳහා උපකාරක පන්ති පවත්වමින් ගුරුවරයකු ලෙස ද අනාගත පරපුරේ නැණැස පාදන්නට කටයුතු කර ඇතැයි ද හෙළි විය.

අදාළ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදුකරන බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පැවැසුවාය.

කැලණිය විශ්වවිද්‍යාල‌යේ කන්නංගර නේවාසිකාරයේ හතරවෙනි මහලේ වහලෙන් බිමට ඇද වැටී මිය ගිය සිසුවා‌ගේ මළ සිරුර ඔහුගේ සහෝදරයා වෙත භාරදී තිබෙනවා.ඒ, ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුවයි.

එහිදී අනාවරණ වී ඇත්තේ, ශරීරයේ ඇති වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බවයි.

මියගිය සිසුවාගේ ශරීරයේ බාහිර තුවාල කිසිත් නොමැති බවත් උස ස්ථානයකින් පහලට වැටීමෙන් හිස්කබලට කොදුඇට පෙළට සහ ඉළඇට වලට සිදුවූ බරපතල හානි හේතුවෙන් ඔහු ජීවිතක්ෂයටත් පත්වී ඇති බවත් සඳහන්.

පසුගිය 23 වැනිදා අළුයම මරණකරු නේවාසිකාරයේ හතරවෙනි මහලේ වහලෙන් බිමට ඇද වැටුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් ඇතුලු 21 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *