හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට ලබන වසරේ ජනවාරි මස 30වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.
ඒ ඔහු එම අමාත්‍ය ධූරය දරණ කාල සීමාවේ බීමතින් අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු රැදවියෙකුගේ නළලට පිස්තෝලයක් තබා වෙඩි තබා මරා දමන බවට තර්ජනය කළ බව කියන සිද්ධියට අදාළව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවේ අද (24) නඩුව කැදවූ අවස්ථාවේදීයි.
එහිදී විත්තිකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විවෘත අධිකරණයේ අද (24) පෙනී සිටි අතර, යළි නඩුව කැදවන දිනයේ ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළා.
වෙනත් පුවත්
තව කොපමණ හාල් තියෙනවද..සහල් නිෂ්පාදකයින් දැනුම්දෙයි..මිල ගැනත් කියයි.
පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ, පසුගිය කන්නයේ දී මිලදී ගත් නාඩු වී තොග ලබන වසරේ මාර්තු මාසයවන තෙක් පවතින බැවින් ඒවා පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා අනුව වෙළදපොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි.
ඒවා රුපියල් 110ත් 115ත් අතර මිලකට ලබාගත් බැවින් පාලන මිලෙහි කිසිදු වෙනසක් නොකර සහල් තොග ලබාදීමටද හැකියාව පවතින බවයි එහි ලේකම් ප්‍රසාද් හේරත් ප්‍රකාශ කළේ.
පොළොන්නරුවේ ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ අදහස් පල කළා.




















