BREAKING NEWS
Search

අද සිට එක දිගට දින 03ක් දිස්ත්‍රික් 04ක කරන්න යන දේ මෙන්න..ආගමික ස්ථාන, පාසල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානයි

526

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබෙනවා.

ඒ පසුගිය සති කිහිපයේ පැවති අධික වැසි සහිත කාලගුණය හමුවේ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

ඒ අනුව, කොළඹ , ගම්පහ , කළුතර , සහ පුත්තලම දිස්ත්‍රික්කයන්හි ඩෙංගු අවදානම් කලාපවල මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.

මේ වනවිට දිවයින පුරා හඳුනාගෙන ඇති ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාප ගණන 22ක්.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ආගමික ස්ථාන, පාසල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, කර්මාන්ත ශාලා සහ වැඩබිම් පරිශ්‍ර සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් අදාළ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ ගත වූ කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,958ක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *