BREAKING NEWS
Search

දෙදරු පියාට මරු කැදවූ පාසැල් දරුවන් තිදෙනෙක් රෝහලට යැවූ බිහිසුණු අනතුර

282

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අනුරාධපුර පුත්තලම මාර්ගයේ අන්දරවැව ගලයාය මන්සංධියට නුදුරින් අද (24)  ත්‍රී රෝද රථයක් හා වෑන්රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින්  පුද්ගලයකු මියගොස් පාසල් දරුවන් තිදෙනකු තුවාල ලබා ඇතැයි නොච්චියාගම පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථය පැදවු අඩම්පනේ නොච්චියාගම පදිංචි හතලිස් හත් හැවිරිදි ඩී.සුමිත් රත්නායක නැමැති දෙදරු පියෙකි.

පොලීසිය පවසන පරිදි මිය ගිය අය තම ත්‍රී රෝද රථයෙන් ඔහුගේ  දියණිය හා පුතා සහ දියණියගේ යෙහෙළියක් ඔවුන් අධ්‍යාපනය ලබන බුළංකුලම මහා විද්‍යලය වෙත රැගෙන යමින් සිට ඇත.

එම අවස්ථාවෙදී ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදියක් මාර්ගය දෙසට හැරී ඇති අතර එම යතුරු පැදිය ත්‍රී රෝද රථයේ ගැටීම  මග හැර යතුරු පැදිය පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *