BREAKING NEWS
Search

ලොවක් පිනවූ සුප්‍රසිද්ධ නළුවා දිවි ගමනට සමුදෙයි

362

ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණදුන් අමෙරිකානු ප්‍රවීන රංගන ශිල්පී රොන් එලී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට රොන් එලී 86 වැනි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටාසන් කතාංගය ප්‍රථම වරට රූපවාහිනිය ඔස්සේ 1966 වසරේ සිට විකාශය වූ අතර එහි ටාසන්ගේ චරිතය වෙනුවෙන් රොන් එලී රංගනයෙන් දායක වුණි.

එම රූගත කිරීම් අතරතුර ඔහු සතුන්ගේ ප්‍රහාරවලට මෙන්ම විවිධ අනතුරුවලට ද ලක්වු බව වාර්තා වේ.

ටාසන් කතාංගය ඇතුළු චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ රොන් එලී 2001 වසරේ දී සිය රංගන දිවියෙන් විශ්‍රාම ගත් අතර පසුව ඔහු කතුවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

රොන් එලී සිය ජීවිත කාලය පුරා නළුවෙක්, ලේඛකයෙක්, පුහුණුකරුවෙක්, උපදේශකයෙක් ලෙස කටයුතු කර දැවැන්ත චරිතයක් හිමි අයෙකි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *