BREAKING NEWS
Search

මහ මැතිවරණය සදහා ඔහු ඉදිරිපත්වීමට සිටි ඔහුට හදිස්සියේම සිදු වුනේ මොකක්ද? ප්‍රසිද්ධ,තරුණ මහ මැතිවරණ අපේක්ෂකයෙක් හදිසියේම මියයයි..

431

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ඔහු ඉදිරිපත්වීමට සිටියේ යාපනය දිස්ත්‍රික්කයෙන්..

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් ( තැපැල් පෙට්ටියෙන් ) තරග කිරීමට ඉදිරිපත් වූ යාපනයේ තරුණ අපේක්ෂකයෙකු හදිසියේම මියගිය පුවතක් ඊයේ (23) සවස වාර්තා වුණා..

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ වැල්වෙට්ටිතුරේ ප්‍රදේශයේ පදිංචි සෙන්තිල්වේල් තමිලියන් නැමති 34 හැවිරිදි අයෙක්..

ඔහු මීට පෙර වැල්වෙට්ටිතුරේ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත් වී දේශපාලන කටයුතු ආරම්භ කළ අයෙකු වන අතර මෙවර ඔහු යාපනයේ උඩුප්පිඩි ආසනය සදහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරග කර ඇති බවයි වාර්තා වන්නේ..

දින හතරකට පෙර ඔහු හදිසියේම රෝගී වීම නිසා ඔහුව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇති අතර පසුව ඔහුගේ තත්ත්වය උග්‍රවීම නිසා යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා..

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ මියගොස් ඇති අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ..

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *