BREAKING NEWS
Search

උතුරු මැද පළාත ගැන බය හිතෙන අනාවරණයක්. සෑම පුද්ගලයෙක්ම පරීක්ෂණයක් සිදුකර ගත යුතුයි

547

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අනෙක් වර්ෂවලට සාපේක්ෂව මෑත කාලය තුළ උතුරු මැද පළාතෙහි ඒඩ්ස් රෝගීන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා පවසනවා.

මෙම වර්ෂයේ අග භාගය වන විට එඩ්ස් රෝගීන් 17 දෙනෙක් වාර්තා වූ බවයි වෛද්‍යවරයා සිටියේ.

රෝගය වාර්තා නොවී ප්‍රචාරනය වීමේ හැකියාව පිළිබදව සැක සහිත තත්වයක් පවතින බවද විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා පෙන්වා දුන්නා.

2030 වන විට ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස් තුරන් කිරීමේ අරමුණින් උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලිංගාශ්‍රිත රෝග මර්ධනයට සම්බන්ධ සියළු පාර්ශවයන්ගේ සාමූහිකත්වයෙන් විශේෂ මෙහෙයුම් කමිටුව පසුගියදා පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේදී රැස් වු අතර එම අවස්ථාවේදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව අනාවරණ කළා.

මේ වන විට පුරුෂ මූලික කරගත් සමලිංගික සම්බන්ධතාවයන් මගින් මෙම වසංගතය වැඩි වීමට හේතු වී තිබෙනවා.

එමෙන්ම මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම මගින්ද රෝගීන් වාර්ථා වන බවත්, වයස අවුරුදු 25-49 ත් අතර වයස් කාණ්ඩවල වැඩි ප්‍රතිශතයක් මෙම රෝගය ආසාදනය වූවන් ලෙස හදුනාගෙන ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා එහිදී හෙළිදරව් කළා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකල අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා,

“2002 වර්ෂයේ සිට මේ වෙනකම් අනුරාධපුර සායනයේ රෝගීන් 148 දෙනෙක් ප්‍රතිකාර ලබනවා.. එම රෝගීන්ගෙන් දෙතුන් දෙනෙකුට දිනකට ප්‍රතිකාර කිරීම සිදු කරනවා.. ඒ නිසා අපි රෝග වැළැක්වීම අංශයෙන් පූර්ව නිරාවරණ ප්‍රතිකාර හා පසු නිරාවරණ ප්‍රතිකාර ක්‍රම මගින් මහ ජනයා තුළ රෝගය වැළැක්වීමේ විකල්පයන් සමාජගත කිරීම මූලික කරගෙන තමයි මෙම වැඩසටහනෙන් රෝග පාලනය සදහා කටයුතු කරන්නේ.. එච්.අයි.වී ආසාදිතයින්ට මනාව ප්‍රතිකාර කළහොත් ඔවුන්ගේ වෛරස් එක ශරීරයෙන් අහුවෙන්නෙ නැති තත්ත්වයකට පත්වෙනවා වගේම එම ආසාදිතයින්ගෙන් රෝගය ව්‍යාප්ත වීම අවම වෙනවා.. ඒ නිසා ප්‍රතිකාර හරහා සැළකිය යුතු රෝග පාලනයක් සිදු කළ හැකියි.. ඒ නිසා අපි උත්සාහ කරන්නෙ දන්න නොදන්න සියළු ආසාදිතයින් හදුනාගෙන ප්‍රතිකාර කිරිමටයි.. මොකද මේ රෝගය වැළදෙන්නෙ ලිංගික සම්බන්ධතාවලට අමතරව ඕන තරම් හේතු තියෙන්න පුළුවන්..

රුධිරය හා ගැටෙන කටයුතු කරන අවස්ථාවලින් මෙම රෝගය ආසාදනය විය හැකියි.. ඒ නිසා හැම කෙනෙක්ම මේ කාලය තුළ එච්. අයි. වි පරීක්ෂණයක් කර ගත යුතුයි.. එහෙම කර ගත්තොත් සැඟවිලා ඉන්න වැඩි දෙනෙක් මතු කර ගත්තොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම මගින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න හැකියාව ලබා දිය හැකියි.. මගේ ප්‍රධානම ප්‍රවර්ධනය තමයි හැම කෙනෙක්ම එච්. අයි. වී. පරීක්ෂණයක් කරගන්න..

රජයේ ඒඩ්ස් මර්ධන සායන මගින් පරීක්ෂණ සිදු කර ගැනීමේදී රෝගියාගේ රහස්‍ය භාවය රකිනවා වගේම උපදේශන සේවාවක් ලබා දීමටද කටයුතු කරනවා.. ඒ නිසා හැම කෙනෙක්ම මෙම පරීක්ෂණය සිදු කර ගැනීම මහ ජනතාවට කරන හොද දෙයක් වගේම 2030 වන විට අපේ රටෙන් ඒඩ්ස් රෝගය තුරන් කරන තැනට අපට ළගා විය හැකියි..”

මෙම අවස්ථාවට ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය වින්ද්‍යා කුමාරසිරි, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්.එම්.පාලිත බංඩාර, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩුලිප් ලියනගේ, අනුරාධපුර ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරිනි හේමා වීරකෝන් මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *