BREAKING NEWS
Search

ජනතා මුදල් කෝටි ගණනින් වංචා කළ ඔන්මැක්ස් ඩී.ටී ගැන ඇසෙන අලුත්ම කතාව

357

ජනතා මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන ඔන්මැක්ස් ඩී.ටී  නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන තෙක් බලා නොසිට කඩිනමින් විමර්ශන අවසන් කර  සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (23) රහස් පොලිසියට නියෝග කළේය.

මෙම නඩුව කැදවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

සැකකාර ඔන්මැක්ස් සමාගමේ මුදල්  ආයෝජනය කිරීම සඳහා ජනතාව පොළඹවමින් බයිනෑන්ස් ගිණුම්  හරහා ජනතා මුදල්   වංචා කල එම සමාගමේ දෙවැනි පෙළ  නියෝජිතයෙකු යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නුවර ප්‍රදේශයේ ඉසුරු පියමාල් අමරසේකර සැකකරු නොවැම්බර් 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

දිනේෂ් චතුරංග නමැති සැකකරු බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඉසුරුම් පියුමාල් නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කියා සිටියේ බයිනෑන්ස් ගිණුම් හරහා මුදල් ආයෝජනය කිරීම සඳහා සැකකරු විසින් තැන්පත්කරුවන්ව පොළඹවා ඇති බවය.

රුපියල් බිලියන 1.3 මුදලක්, වංචා කර ඇති බවට නමුත් පැමිණිලි මඟින් අනාවරණය වන බව ද සඳහන් කළේය.

අගතියට පත් තැන්පත්කරුවන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සී.ආර්.ටී.එම් 441 ආකෘති පත්‍රයක් සකස් කර දිවයිනේ සියලු පොලිසිය වෙත පොලිස්පතිවරයා විසින්  යොමු කර ඇති බවත්, අගතියට පත් පැමිණිලිකරුවන්ට ඒ ආකෘතිය පත්‍රය හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් සඳහන් කළේය.මේ වන විට නව පැමිණිලි 1350කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *