BREAKING NEWS
Search

බදුල්ලේ ප්‍රසිද්ධ පාසලක සිසුවියකට අත් වූ ඛේදනීය ඉරණම

893

කිසිම දරුවෙකුට මේ වගේ ඉරණමක් අත්වේවි කියලා කවදාවත් කිසිම මව්පිය යුවලක් හිතන්නේ නැති තරම්.. ඉතින් මේ වියෝව ඔවුන් කොහොම නම් දරාගන්නද..?

බදුල්ල මහියංගන මාර්ගය අතරතුර පිහිටි ලොග්ගල්ලා ඔය ජලාශයේ පාවෙමින් තිබූ පාසල් දැරියකගේ මළ සිරුරක් ඊයේ (21) උදෑසන ගොඩ ගෙන තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචි බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබන 17 හැවිරිදි පාසැල් සිසුවියක්.

මියගිය දැරිය 20 වනදා සිය මිතුරියක් සමඟ ලොග්ගල්ලා ඔය ජලාශය පැමිණ එහි කාලය ගතකර ඇති අතර පසුව ඇය ජලාශයට පැන ඇති බව‍යි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඇය ජලාශයට පැනීමෙන් පසුව හුදකලා වූ අනෙක් දැරිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු විසින් රිදීමාලියද්ද පොලිසියට භාරදී තිබෙනවා.

ඇය විසින් ලබා දුන් තොරතුරු මත සිදුකල පරීක්ෂණයකදී ජලාශයේ පාවෙමින් තිබු දැරියගේ සිරුර ගොඩගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සිසුවියන් දෙදෙනා බදුල්ල නගරයේ පැවැත්වෙන උපකාර පන්තියකට සහභාගි වන බව පවසමින් ඊයේ නිවසින් පිටව ගොස් ඇතත් යළි නිවසට නොපැමිණීමෙන් කලබලයට පත් දෙමව්පියන් දැරියන් දෙදෙනා ආගිය අතක් නැති බවට බදුල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

සිද්ධීය සම්බන්ධයෙන් මහියංගන රිදීමාලියද්ද හා බදුල්ල පොලිසි එක්ව පරීක්ෂණ පවත්වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *