මේක හදිසි අනතුරකින් සිදුවූ මරණයක්ද..?
කැලණිය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි සී.ඩබ්ලිබ්.ඩබ්ලිව් කන්නන්ගර නේවාසිකාගාරයේ සිව්වන මහලෙන් ඇද වැටී අද අළුයම එම විශ්ව විද්‍යාල සිසුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ 24 හැවිරිදි ප්‍රින්ස් රාජු බණ්ඩාරයි..
අදාළ සරසවි සිසුවා ඇතුළු පිරිසක් මේ අනතුරවීමට පෙර එනම්, අද අළුයම කැලණිය විශ්වවිද්‍යාලයේ සී.ඩබ්ලිබ්.ඩබ්ලිව් කන්නන්ගර නේවාසිකාගරයේ මත්පැන් පානය කරමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළා..
ජීවිතක්ෂයට පත් වූ අදාළ සිසුවා මුත්‍රා කිරීම සඳහා නේවාසිකාගාරයේ සිව්වන මහලේ ජනේලයක් මතට නැග ඇති බවද පොලිසිය පැවසුවේ..කෙසේ වෙතත්, බීමතින් සිටි ඔහු ඉන් පහළට ඇද වැටී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ…
එසේම මෙය සියදිවි නසාගැනීමක්ද යන්න සම්බන්ධයෙන්ද වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය අප කළ විමසීමකදී පැවසුවා.. අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වාගෙන් විමසීමක් සිදු කළ අතර, එහිදී ඇය සදහන් කළේ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බවයි…

















