BREAKING NEWS
Search

අශේන්ට සාධාරණයක් ඉටු වුණාද..? මුළු රටම කතා කළ අශේන්ගේ පෙත්සමට උසාවියේදී සිදු වු දේ මෙන්න..

721
ඔහු ගැන පසුගිය දවස්වල බොහෝ දෙනා කතා වුණේ ඒ සිදුවීම නිසා කිව්වොත් හරි..
ස්වාධීනව මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න ගිය අශේන්ගේ නාම යෝජනා මෙවර ප්‍රතික්ශේප වෙලා තියෙන්නේ “පිලිගත් අයෙකු විසින් නාමයෝජනා භාර නොදීම” කියන හේතුව මත කියලා තමයි, අශේන් පසුගිය දවස්වල කිව්වේ..

ඉතින් තමන්ට වුණ මේ අසාධාරණය වෙනුවෙන් ඔහු විවිධ පියවර ගත්තේ.. ඒත් අද ඒ උත්සාහයන් පවා ව්‍යර්ථ වෙලා කියලා තමයි කියන්න වෙන්නේ..

ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් භාර දුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ අශේන් සේනාරත්න විසින් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා..

එම පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *