BREAKING NEWS
Search

මීගමුව මහාධිකරණයෙන් විදෙස් ජාතිකයින් 10කට මරණ දඬුවම්

217

මීගමුව මහාධිකරණය විසින් විදෙස් ජාතිකයින් 10 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

2016 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 146ක් සන්තකයේ තබා ගැනීම හා ජවාරම්කිරීම සම්බන්ධයෙන් මෙම විදෙස් ජාතිකයින් 10 දෙනාට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි.

එලෙස මරණ දඬුවමට නියම කර ඇත්තේ, ඉරාන ජාතිකයින් 9 දෙනෙකුට සහ පාකිස්තාන ජාතිකයෙකුටය.

වෙනත් පුවත්

රිය අනතුරින් දෙදරු පියා මරුට

නොරෝච්චෝල සේතපොල මැල්කොළණිය මංසන්දිය ආසන්නයෙදී අද(23 )   ජීප් රථයක යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටි සිදුවු අනතුරකින් එක් අයකු මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් අයකු කොළඹ ජාතික රෝහලට යවා ඇති බව පොලිසිය පවසයි.

අනතුරීන් මරණයට පත්ව ඇත්තේ පුත්තලම පොත්තුවිල්ලුව ප්‍රදේශයෙ පදිංචිව සිටි 44 හැවිරිදි වර්ණකුලසුරීය රසල් ප්‍රදීප් ටයිටස් ප්‍රනාන්දු නැමති  දෙදරු පියකු බව කියයි.

මරණයට පත් දෙදරු පියා තවත් අයකු සමග යතුරු පැදියකින් කල්පිටිය දෙසට ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි සුඛෝපභෝගි ජීප් රථයක් රියදුරු පාලනයෙන් ගිලිහි ගොස් දකුණු පසින් පැමිණි යතුරු පැදිකරුවන් යටකරමින් ගොස් අසල මාර්ගයෙන් ඉවතට පැන නැවති තිබු බව රථවාහන පොලිස් නිළධාරීන් පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *