BREAKING NEWS
Search

ඇත්තටම අනුරට බිය වූ ඩඩ්ලි ගත් තීරණය මෙන්න

365

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (22) සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නොකරන ලෙස එම සහල් ව්‍යාපාරිකයන් දැනුවත් කළේය.

එහිදී ජනපතිවරයා වර්තමානයෙහි පවතින පාරිභෝගික භාණ්ඩ  මිල සම්බන්ධව අවධානය යොමු කළ අතර ජනතාවගේ ප්‍රධාන ආහාරයක් ලෙස බත සකස් කරන සහල් මිල පාලනයේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ අතර සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම ජනාධිපතිවරයා සහල් ව්‍යාරිකයින්ට සිහිකැඳවීමක් කරමින් කියා සිටියේ පාලන මිල පැනවීමෙන් පසු ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇති බවත් ඉන්පසුව සහල් මිලෙහි වෙනසක් සිදු කිරීම සාධාරණ නොවන බවත් ය.

කෙසේවෙතත් මෙම සාකච්ඡාව අවසානයේ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව කටයුතු කරනා බවයි.

එමෙන්ම “ඩඩ්ලි සිරිසේන දැන් ජනාධිපතිවරයාට බය වෙලාද” යනුවෙන් මාධ්‍යවේදියෙකු නැඟු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ තමා සැබැවින්ම ජනපතිවරයාටත් රටේ නීතියටත් බියවී සිටිනා බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *