BREAKING NEWS
Search

රත්මලාන දුම්රිය අංගනයේ වෙඩිතැබීමක්

319

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අද (23) අලුයම් කාලයේ දී රත්මලාන දුම්රිය අංගනයේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දුම්රිය අංගනයට දේපල සොරකම් කිරීමට ඇතුළුවූ පුද්ගලයින් පස් දෙනෙකු එහි ආරක්ෂක රාජකාරී යෙදී සිටි දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට පහරදී තුවාල සිදුකර ඇති බවය.

එහිදී  දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම සැකකරුවන්ට වෙඩි තැබීමක් සිදුකර ඇත.

එම වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති අතර අනෙක් සැකකරුවන් පළා ගොස් තිබේ.

සැකකරුවන් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දුම්රිය ආරක්ෂක නිලධාරියා සහ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *