2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.
සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද (22) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී ඇත.
වෙනත් පුවත්
විත්තිකරුවෙකුගේ ඇපකරුවන්ට රුපියල් ලක්ෂ 90ක් දඩ
මේ වනවිට අධිකරණය මගහැර සිටින රජිත අසන්ත නමැති විත්තිකරුගේ ඇපකරුවන් තිදෙනාට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 90ක දඩයක් නියම කර තිබේ.
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් ලක්ෂ 100කට අධික වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ රජිත අසන්ත චෝදනා ලබා සිටී.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබාදුනි.
අදාළ විත්තිකරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් තුෂාර ඉන්ද්‍රජිත්, අමිල ප්‍රනාන්දු සහ මොහොමඩ් ඉක්‍රම් යන පුද්ගලයින් තුන්දෙනා මෙම විත්තිකරුගේ ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී තිබුණි.
ඒ වෙනුවෙන් ඔවුන් රුපියල් ලක්ෂ 100 බැගින් වූ ඇප බැඳුම්කරවලට අත්සන් කර තිබූ බවත් නඩුවේ විභාගයේදී අනාවරණය වුණි.
එහෙත් විත්තිකරු අධිකරණය මගහැර පළ ගොස් සිටීම හේතුවෙන් එම ඇපකරුවන් තුන්දෙනා අධිකරණය හමුවට කැඳවනු ලැබීය.
එහිදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ යම් පුද්ගලයෙකු සැකකරුවකු හෝ විත්තිකරුවකු වෙනුවෙන් ඇපකරුවකු වශයෙන් ඉදිරිපත් වන්නේ නම් එම විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළ ඇපකරු නීතියෙන් බැඳී සිටින බවය.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඇපකරුවන් සම්බන්ධයෙන් පවතින නීතිමය විධිවිධානයන්ට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව මෙම නඩුවේ විත්තිකරු ඉදිරිපත් කිරීමට ඔහුගේ ඇපකරුවන් අපොහොසත් වීම නිසා එක් එක් ඇපකරුට රුපියල් ලක්ෂ 30 බැගින් රුපියල් ලක්ෂ 90ක දඩයක් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.



















