BREAKING NEWS
Search

හිටපු මන්ත්‍රීවරයකු අල්ලන්න සොයයි

346

මන්නාරම මහාධිකරණ විනිසුරුඑම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළේ යැයි කියන සිද්ධියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා සම්බන්ධ බවට සාක්ෂි අනාවරණය වන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (21) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර අත්අඩංගුවට ගැනීම සඳහා රංගා මහතා පදිංචි ස්ථානවලට ගියද ඔහු එම ස්ථානවල නොසිටි බවට කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.

පෝස්ටර් ඇලවීමේ සිද්ධියේ මහ මොලකරු යැයි හඳුනාගෙන ඇති ජේ ශ්‍රී රංගා මහතා අත්අඩංගුවට නොගෙන පොඩි පොඩි අය අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමක් නිසා නිසා දැයි දැනට රක්ෂිත භාරයේ සිටින සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් විමසා සිටියේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත සැකකරුවන් අට දෙනකු බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වමින් සිය සේවා දායකයින් මෙම පෝස්ටරය කොන්ත්‍රාත්තුවක් මත කොළඹ ප්‍රදේශයේ අලවා ඇති බවත් එහි අඩංගු කරුණු සම්බන්ධයෙන් ඔවුන් නොදන්නා බවත් සඳහන් කළේය.

මහාධිකරණ විනිසුරුවරයකුගේ බව දන්නේ නම් සිය සේවා දායකයන් මීට කිසිසේත් අනුගත නොවන බවද කරුණු දැක්වීය.සිද්ධිය සම්බන්ධයෙන් පොඩි පොඩි අය අත්අඩංගුවට ගෙන මෙහි මහ මොලකරු යයි දැ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *