BREAKING NEWS
Search

පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කරමින් සිටි සිව්දරු පියාට අත් වූ අවාසනාවන්ත ඉරණම

156

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අකුරැස්ස නගරයේ වෙළෙඳ ආයතනයකට යාබද පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කරමින් සිටි අයෙකු මතට වහලේ කොටසක් ඇදවැටී බිත්තියකට යට වී හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් කම්කරුවකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ පැරණි ගොඩනැගිලි ඉවත් කිරීමේ කුලී රැකියාවක නිරතවෙමින් සිටි බව කියන මාතර, කදිරත්තහේන 54 හැවිරිදි හේවා බැට්ටගේ රජිත් ප්‍රියන්ත නැමති සිව්දරු පියෙක් බවත් පොලීසිය වැඩිදුරටත් කීය.

පැරණි ගොඩනැගිල්ලේ දෙවන මහලේ ක්‍රොන්ක්‍රීට් තට්ටුව ඉවත් කිරීම ආරම්භ කොට දෙදෙනකු ඉන් ඉහළ කොටසේ වැඩ කරමින් සිට ඇති අතරතුර තරප්පු පේළියේ සිටි මෙම පුුද්ගලයාගේ  හිස මතට එක්වරම යකඩ කොටසක් කඩා වැටි තිබේ.

අනතුරුව වහලයේ කොටසක් සහ බිත්තියක්ද කඩා වැවී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *