BREAKING NEWS
Search

ගම්පහ ජනතාවට විශේෂ දැනුම්දීමක්

229

ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, චර්චිල් ජලාශයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (22) දහවල් 12 දක්වා මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බවය.

ඒ අනුව වත්තල, මාබෝල, ජාඇළ, කටුනායක, සීදුව යන නගර සභා බලප්‍රදේශවලට සහ වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇළ, කටාන, මිනුවන්ගොඩ, යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී තිබේ.

අදාළ නල මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින අතර කඩිනමින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *