BREAKING NEWS
Search

ජනප්‍රිය ගායකයෙක් හදිස්සියේ මිය යයි

1931

ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත්  ආරියරත්න  මහතා  හදිසියේ  අද(21) සවස අභාවප්‍රාප්ත  විය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 59වන වියේ පසුවිය හෙතෙම එක් දරුපියකි

ගුවන් විදීමෙන්ම සංගීත සංදර්ශනවල ගීත ගායනයෙන් ජනතාව අතර වඩාත් ප්‍රකට වූ  නොමියෙන ගීත රැසක් සිංහල සංගීත ක්ෂේත්‍රයට එක් කළ අයෙකි.

ඔහු ගැයූ එම ගීත අතර තනි වෙන්න ඉඩ ඉඩ දෙන්න මටයි මගේ හිතටයි, හදවතින් සෙනෙහස පුරා, මා ගයන ගීතයේ,ඔබ වෙනුවෙන් මේ ලෝකයේ , රැයක දුටුව සිහිනයක් ලෙසින් යන ගීතද වේ

අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.

(ආරියරත්න  රණබාහු)

වෙනත් පුවත්

ගම්පහ පෙදෙස් කීපයකට ජල සැපයුම හෙමින්

සම්ප්‍රේෂණ ජල සැපයුම් මාර්ගයක  ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට (22)දහවල් 12 වන තෙක් අඩු පීඩනයක් යටතේ  ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වත්තල, මාබෝල, ජා ඇල සහ කටුනායක-සීදුව නගර සභා ප්‍රදේශ සහ වත්තල, බියගම, මහර, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා කලාප සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙයි.

මේ නිසා උස ස්ථාන වල ජල සැපයුමට බාධා එල්ලවෙතියි ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *