BREAKING NEWS
Search

ලබන මාසයේ ඉන්ධන මිල දැනෙන්නම අඩුවෙයි? – ඉන්ධන ගැන ඇහෙන අලුත්ම ආරංචිය…

1985
මිල සූත්‍රය අනුව රජය කටයුතු කළහොත් එළඹෙන නොවැම්බර් මාසයේ ඉන්ධන මිල අඩුවෙන ආකාරය පිළිබඳ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, එම මිල සූත්‍රයට අනුව රුපියල් 15ත් 20ත් අතර මිලකින් අනිවාර්යයෙන්ම ඩීසල් සහ පෙට්‍රල් මිල අඩුවීමක් සිදුවන බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.

නව රජයේ පළමු මිල සංශෝධනයේ දී ජනතාව බලා සිටියේ, කංචනගේ සාක්කුවට යන මුදල අඩුවී රුපියල් 250කින් පමණ මිල අඩුවනු ඇති බවට බවද ඔහු සඳහන් කරනවා.

තමන්ට එවැනි මුදලක් ඉන්ධනවලින් ගියානම් තමාට දඬුවම් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *