BREAKING NEWS
Search

උසස් පෙළ සිසුන්ට සුභ ආරංචියක්

769
2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම විදුහල්පතිවරුන්ට ලිපියක් ඔස්සේ දැනුම්දීමක් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම හා විෂය ධාරාවේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ සෑම පාසලකටම පෙර වර්ෂවලදී ඇතුලත්වූ ශිෂ්‍ය සංඛ්‍යාවට වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් වෘත්තීය විෂය ධාරාව සඳහා යොමුකිරීමට සැලැස්මක් සකස් කිරීමටද කලාප අධ්‍යාපන කාර්යාලවලට උපදෙස් ලබාදී ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *