ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කිරීමට අද (19) සමත් වූවාය.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර 1500 ඉසව්ව විනාඩි 4:29.99.කින් අවසන් කර ඇය මෙම සුවිශේෂී වාර්තාව පිහිටු වූවාය.
16 හැවිරිදි වියේ පසුවන තරුෂි විසින් බිඳදමනු ලැබුවේ 1985 වසරේදී ධම්මිකා මැණිකේ විසින් 4:35.7කින් අවසන් කර පිහිටුවා තිබූ කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තාවයි.
තරුෂි ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්ය.
වෙනත් පුවත්
ඌරු මස් අනුභව කිරීම ගැන දැනුම්දීමක්
වෛරසය වැලඳීමෙන් මියයන ඌරන්ගේ මස් අනුභව කිරීමෙන් වළකින ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එම සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසා සිටියේ, ඌරු මස් පරිභෝජනය කිරීම සඳහා ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බවය.
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් මස් පිණිස ඌරන් ඇතිකරනු ලබන ගොවිපොළවල සහ ඌරු මස් අලෙවිකරන ස්ථාන විශේෂ පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

















