BREAKING NEWS
Search

පාස්කු වාර්තා එළි දැක්වීම ගැන කතාව විතරයි. ආණ්ඩුව හැසිරෙන්නේ අන්ධ ගොලුවෙක් වගේ – නාමල් සැරට කතා කරයි…

157

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව එළිදැක්වීම සම්බන්ධයෙන් රජයට ඇත්තේ කතා පමණක් බවත්,  කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන රජය අන්ධ හා බිහිරි ලෙස ක්‍රියා කරන බවත් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ චෝදනා කරයි.

සිය X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තියන නාමල් රාජපක්ෂ පවසන්නේ රජය කටයුතු කරන්නේ විනිවිද භාවයකින් තොරව අන්ධ සහ බිහිරි ආකාරයෙන් බවය.

ඔහු සමාජ මාධ්‍ය වේදිකාවේ මෙසේ සටහන් කර ඇත.
“පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාව නිකුත් කිරීම පාලනයෙන් මිදී ඇත. රජය තවමත් වාර්තාවේ නැතිවූ පිටු සොයාගෙන නොමැත. රජය තවම ප්‍රකාශයට පත් නොකළ සොයාගැනීම් දෙකක් ඇති බවට චෝදනා තිබේ.

රජයේ ඇත්තේ කතා පමණි. ක්‍රියාමාර්ග නොමැත. වාර්තා නිකුත් කිරීම ගැන අන්ධ සහ බිහිරි ලෙස ක්‍රියා කරයි. වැඩි අවදානමක් සහිත අවස්ථාවක වැඩි ලාභ ලබා ගැනීම සඳහා කටයුතු කිරීම වෙනුවට ආණ්ඩුවට මේ පිළිබඳ උත්තර දීමට වගකීමක් තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *