BREAKING NEWS
Search

සියලුම පාසල් සිසුවියන්ට විශේෂ නිවේදනයක්

383

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමේ අරමුණින් ලබාදෙන එච්.පී.වී එන්නතෙන් පසු ඇති වන සුළු අතුරු ආබාධ කෙටි කාලීන වන අතර, ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස පාසල් සිසුවියන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කළේ, කළුතර ප්‍රාථමික විද්‍යාලයක ශිෂ්‍යාවන් පස් දෙනෙකුට අදාල එන්නත ලබාගැනීමෙන් පසු උදර වේදනාව, ඔක්කාරය, හිසරදය ඇතුළු රෝග ලක්ෂණ මතුවී ඇති බවයි.

කෙසේ වෙතත් අදාල සිසුවියන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඔවුන් යථා තත්වයට පත් වූ බවද සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා.

එන්නත් ලබාදීමේ දී දරුවන් තුළ ඇතිවන බිය නිසා මෙවැනි තත්වයන් දක්නට ලැබෙන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *