BREAKING NEWS
Search

ඇල්පිටිය පුංචි අපේක්ෂකයාගේ ජයටම කරගෙන ගිය පාටියට සිදු වූ දේ

153

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට පොදුජන එක්සත් නිදහස් සන්ධානයෙන් (කුසලානය ලකුණින්) ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකුගේ නිවසේ සිය ඡන්ද දායකයන් 150 ක් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයකට පිළියෙළ කර තිබූ ආහාරපාන භාජන සමගම අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.

මැතිවරණ නීති උල්ලංගණය කරමින් මෙම අපේක්ෂකයාගේ කොට්ටාසයේ ජන්දදායකයන් පිරිසකට ඔක්තෝම්බර් මස 18 වන දින රාත්‍රී සංග්‍රහ කිරීම සඳහා ආහාරපාන පිළියෙල කර ඇති බවට ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ නිරාකරණ මධ්‍යස්ථානය මගින් ඇල්පිටිය පොලිසියට ඊයේ (18) රාත්‍රී 10.00 ට පමණ ලද කරන ලද දැනුම්දීමක් මත ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ සහකාර කොමසාරිස්වරයා එම ජන්ද අපේක්ෂකයාගේ නිවසට ගොස් කරන ලද පරීක්ෂණයේදී ඔහුගේ නිවසේ පිළියෙල කර තිබූ කහබත්,පරිප්පු,කුකුල්මස් ඇතුළු පිසූ ආහාරපාන එම භාජන සමගම පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

අපේක්ෂකයාගේ ආධාරකරුවන් හා ජන්දදායකයන් 150 කට එදින රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමීම සඳහා මෙම ආහාරපාන පිළියෙළ කර තිබී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ මේවා අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (19) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *